ලසිත් මාලිංගට සහ ඇන්ජලෝ මැතිව්ස්ට යළිත් IPL දොර විවර වෙයි, ලංසුව කෝටි පහත් පනී - IPL lasith and mathiw

Hiru Gossip - Sinhala

Sinhala Gossip / Hiru Gossip - Sinhala 105 Views comments

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් එළඹෙන 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසිය සදහා ඉහළම ලංසු සීමාවේ කාණ්ඩයට ඇතුලත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ලසිත් මාලිංග සැලකෙන්නේ IPL තරඟ බිමේ වැඩිම කඩුලු ලාභියා ලෙසයි.

අදාළ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 18 වැනිදා ජායිපුර් හීදි පැවැත්වීමට එහි සංවිධායකයින් කටයුතු කර තිබේ.

ඉහළම ලංසු සීමාවේ කාණ්ඩයට ඇතුලත් වී ඇති මොවුන් දෙදෙනාගේ මුලික ලංසුව ඉන්දීය රුපියල් කෝටි දෙකක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 5කට අධික බවයි වාර්තා වන්නේ.


මෙම කාණ්ඩයේ සෙසු ක්‍රීඩකයින් වන්නේ නවසීලන්ත ක්‍රීඩක කොරී ඇන්ඩර්සන්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රිස් වෝක්ස්, එංගලන්ත ක්‍රීඩක සෑම් කරන්, දකුණු අප්‍රිකානු ක්‍රීඩක කොලින් ඉන්ග්‍රෑම්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂෝන් මාෂ්, නවසීලන්ත ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් හා ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩාර්සී ෂෝට් යන අයය.

 

වසර 2008 සිට 2018 දක්වා පැවති අයි.පී.එල් තරගාවලියන් හීදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා වන්නේද කඩුලු 154ක් ලබා ගත් ලසිත් මාලිංගය.

 

ලසිත් මාලිංග අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩකයෙක් ලෙස ආරම්භයේ සිටම මුබ්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ අතර 2018 තරගවාරයේදි ඔහු එම කණ්ඩායමේ පන්දු යැවිමේ උපදේශකයෙක් වශයෙන් කටයුතු කළේය.

 

කෙසේ වෙතත් ලසිත් මාලිංග හට නැවත වතාවක් අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩකයෙක් ලෙස එක්විමට වරම් හිමිව තිබීමද විශේෂත්වයකි.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අයි.පී.එල් තරගාවලි 6කට එක්වී ඇති අතර වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අයි.පී.එල් තරගාවලි 8කට ක්‍රීඩා කර තිබේ.

 

මේ අයිපීඑල් වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 28 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

Comments