පිඹුරෙක් සමඟ සටනින් ජයගත් නාගයෙකු සුරතලයට ඇති කරන පියරතන හාමුදුරුවන්ගේ අරුම පුදුම කතාව Photos - piyarathana thero

Hiru Gossip - Sinhala

Sinhala Gossip / Hiru Gossip - Sinhala 127 Views comments

එන කාටවත් කරදරයක් කරන්නේ නෑ 

මම නැති වෙලාවට ඇඳ යටට වෙලා ඉන්නවා 

සුරතලයට නාගයෙකු ඇතිකරන තරුණ හිමිනමක් පිළිබඳ තොරතුරු වැලිඔය නිකවැව ගම්මානයකින් වාර්තා වුණා. 

මීට මසකට පමණ පෙර සිට විහාරස්ථානයේ සාදා ඇති පොකුණක ගල් කුහර තුළ ජීවත් වූ මෙම නාගයා මේ වන විට නිදැල්ලේ බෝ මළුව තුළ පමණක් නොව විහාරස්ථානයේ සංඝ ආවාසයට ද ඇතුළු වී එහි වැඩවසන නායක හාමුදුරුවන්ගේ දෑතට පත් වී හුරතල් වන අයුරුද දැකගැනීමට හැකිවුණා.


වැලිඔය නිකවැව දකුණ ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානයේ වැඩවසන විහාරාධිපති කෝකිලාවේ පියරතනලංකාර 20 හැවිරිදි තරුණ හිමියන්ගේ සත්ත්ව කරුණාවට මෙම නාගයාද වසඟ වී ඇතැයි ප්‍රදේශවාසීන් කියනවා. 

 

වයස අවුරුදු 12දී මහණ වූ පියරතනලංකාර හිමි මහණ වූ දා සිට මස් මාංශ වලින් වැළකී නිර්මාංශ ආහාර පමණක්ම ගන්න බවද ඔවුන් සඳහන් කළා. 

 

නාගයා සම්බන්ධව කරුණු දක්වමින් ගම්මානයේ සමාජ සේවකයෙකු වන විමලසිරි සිරිපාල මහතා පැවසුවේ මෙවැන්නක්, 

 

‘‘මීට මාස කිහිපයකට පෙර මම විහාරස්ථානයට එන විට මම දැක්කා නාගයකු විසින් පොළඟකු අල්ලාගෙන ඉන්නවා. ඊට පස්සේ මම අපේ පියරතන හාමුදුරුවන්ට කිව්වා. හාමුදුරුවෝ ඇවිත් බලලා කිව්වා, පොළඟෙක් නෙවෙයි, පිඹුරෙක් කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ ටිකක් වෙලා බලාගෙන ඉඳලා නයයි පොළඟයි දෙන්නම අත් දෙකෙන් අල්ලලා ඈත් කළා. මම බය වෙලා පස්සට ගියා. අනේ හාමුදුරුවන්ට කරදරයක් කළේ නැහැ. පසුව පොළඟා (පිඹුරා) මැරිලා හිටියේ. ඊට පස්සේ හාමුදුරුවෝ මැරුණු සතා මොකාටද කියලා නයාව ගොදුරට අත ඇරියා. එදා සිදු වූ දේ මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ නයා තමයි තමයි දැන් දවස් 10ක ඉඳන් අපේ හාමුදුරුවන්ගේ ආදරයට කරුණාවට වසඟ වෙලා ඉන්නේ....‘‘ 

 

මේ සම්බන්ධයෙන් පියරතන හිමියන් පවසා සිටියේ මෙවැන්නක්, 

 

‘‘මම මහණ වෙලා අවුරුදු අටක් විතර වෙනවා. දැනට මගේ වයස අවුරුදු 20යි. මහණ වූ දාට සිට මස් මාංශ ගන්නේ නැහැ. මගේ ගුරු හාමුදුරුවෝ විජයබාපුර රතනාලංකාර හිමියෝ. උන්වහන්සේ මීට වසරකට පෙර රෝගාතුර වී අපවත් වුණා. දැනට මා කිරිඉබ්බන්වැව ඇතැවැටුණුවැව, වෙහෙරගල හා චේතියගිරිය විහාරස්ථානවල නායක හිමිවරුන්ගේ උපදෙස් අනුශාසනා ගෙන මෙම විහාරස්ථානයේ ආගමික කටයුතු කරගෙන ගියා...‘‘ 

 

‘‘මේ නාගයා මට වශී වුණේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. පෙර සසර බැඳීමක්ද කියලත් මට හිතෙනවා. විහාරස්ථානයට එන කාටවත් කරදරයක් කරන්නෙත් නෑ. කොහොම වුණත් කුඩා කාලයේ සිට සතුන්ට කරුණාව, මෛත්‍රීය දැක්වුවා. මීට පෙර මා කිරිඉබ්බන්වැවේ ඇළ මාර්ගයක ජල ධාරාවකට අසුවුණ නාගයෙක් බේරගත්තා. මගේ ගෙදර කුකුළු කූඩුවට හසුවුණ නාගයෙකුත් මුදා හරියා. මේ නාගයත් පන්සලේ පොකුණේ ගල් කුහර තුළ ජිවත් වුණේ.. මීට දින ගණනකට පෙර ආවාස ගෙටත් ආවා. මගේ ඇඳට ආවා. මම නැති වෙලාවේ ඇඳ යටට වෙලා සිටිනවා. අල්ලා ගත්තම කරදරයක් කරන්නේ නැහැ. ඒ නිසා මටනම් දැන් බයක් හිතෙන්නෙම නෑ..‘‘ යැයි උන්වහන්සේ පැවසුවා. 

 

උන්වහන්සේ පැවසුවේ, මිනිසුන් ළඟ නොමැති උදාර ගතිගුණ සතුන් ළඟ තිබෙන බවයි. 

 

-පියදාස සමරවීර

ලංකාදීප



Comments