ප්‍රියංකා චොප්රා ලෝක වාර්තාවක් තබමින් සිදු කල විවාහයේ නොදුටු දසුන් Video & Photos - Priyanka

Hiru Gossip - Sinhala

Sinhala Gossip / Hiru Gossip - Sinhala 136 Views comments

ඉන්දීය සුපිරි බොලිවුඩ් තරු කිහිප දෙනෙක්ම පසුගිය දිනවල යුග දිවියට එළඹුණා. ඒ අතරින් වැඩිම අවධානයක් දිනාගත් අනුෂ්කා ෂර්මා-කෝලි විවාහය සහ දීපිකා-රන්වීර් විවාහ මංගල උත්සව පැවැත්වුණේ ඉතාලියේදී. 

මේ උත්සව සදහා රුපියල් බිලියන ගණනක වියදමක් සිදු කර තිබුණා. මේ දිනවල ඉන්දීය මාධ්‍යය තුල වැඩිම අවධානයක් යොමු වී ඇත්තේ ප්‍රියංකා චොප්රා-නික් විවාහය වෙතයි.

මේ දිනවල හොලිවුඩයේ සිය ආධිපත්‍ය පතුරමින් සිටින ප්‍රියංකා විවාහ වුනේ ඇමරිකාවේ ගායකයෙක් සහ නළුවෙක් වන නික් ජෝනාස් සමඟ.


ඔවුන්ගේ විවාහ උත්සවය නම් පැවැත්වුණේ ඉන්දියාවේදී. 

 

මේ විවාහ මංගල උත්සවයේදී ප්‍රියංකාගේ සාරියේ වේල් පොට පිළිබඳව කාගේත් කතා බහට ලක්වුණා. 

 

මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රියංකා පැවසුවේ ලොව දිගම වේල් පොට නිර්මාණය කිරීමට තමන්ට අවශ්‍යය වූ බවත් තමන් එම ඉලක්කය ජයගත් බවත්ය. 

 

එම දිගම වේල් පොට ඇය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. 

 

බලාපොරොතු විය හැකි ලෙසම, ඇයගේ වේලය පිළිබඳව අන්තර්ජාලයේ බොහෝ ඉඩකඩක් වෙන්වී තිබෙනවා. 

 

ප්‍රියංකා, රැල්ෆ් ලෝරන් අතින් නිම වූ මංගල වේලය, ජොද්පුර් නගරයේ පිහිටි උමෙයිඩ් භවන් මන්දිරයේ (Umaid Bhawan Palace) තණ නිල්ල මත මුදා හැරියා. 

 

දින තුනක් පුරා පැවති යුවලගේ මංගලෝත්සවයට, සාම්ප්‍රදායික හින්දු විවාහයක් ද ඇතුළත් වූ අතර, එහිදී යුවල නැවතත් ආගමානුකකූලව විවාහ ගිවිස ගත් බවයි සඳහන් වන්නේ. 

 

තමන්ගේ විවාහය "ආගමික කවලමක්" බව, ප්‍රකට 'පීපල්' සඟරාවට අදහස් දක්වමින් චොප්රා පවසා තිබෙනවා. 

 

"අපි දෙදෙනාම වැඩුණු විසිතුරු ආගමික සංස්කෘතිය අපට ගැලපෙන අයුරින් මේ සඳහා යොදා ගත්තා." 

 

තමන් දෙදෙනා 2016 වසරේ සැප්තැම්බරයේ සිට අදහස් හුවමාරු කරගත් බවත් ඇය සඟරාවට පවසා තිබුණා.

Comments